ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂට ඇප: අධිකරණයේදී හෙළිවූයේ මොනවා ද?
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුනි 17 වැනිදා) පස්වරුවේ නියෝග කළේ ය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමත් නියෝග කර සිටියේ ය.
වීඩියෝ, පාසල් විද්‍යාගාරයක සිදු වූ අනතුරකින් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ දැරිය: 'දුව මගෙන් ඇහුවා මගේ මූණ හැමදා ම මෙහෙම ද තියෙන්නේ කියලා', ධාවන කාලය 11,05
බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක පසුගිය මාර්තු 23 දින පාසලේ විද්‍යාගාරයේ සිදු වූ අනතුරකින් "දැඩි පිළිස්සුම් තුවාල" ලබා තිබුණා ය. මෙම අනතුරින් දැරියගේ මුහුණට, වම් අතට සහ දකුණු අතට පිළිස්සුම් තුවාල සිදුව තිබිණි.
ලෝකෙන්ම 3 වැනි තැන සිටින රුමේෂ්ට ගෝල්ඩන් ස්පයික් පිටියේ සුපිරි ජයග්‍රහණයක්
චෙක් ජන රජයේදී පැවති 65වන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike ) මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. හෙල්ල විසිකිරීමේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ සිටින රුමේෂ් එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 86.57කි.
'ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකියි' - නීතිපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බවට තමන්ට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව නීතිපතිවරයා බදාදා (ජූනි 17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
T20 කාන්තා ලෝක කුසලානය: ලෝක ශූර නවසීලන්තය පරදවමින් ශ්‍රී ලංකාවට ජය ගෙනා නිලක්ෂිකාගේ විශිෂ්ට පිතිහරඹය
කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ 05 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වූ නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගීමට සමත් විය. විශිෂ්ට පිතිකරණයක නියැලුණු නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54ක් රැස් කළාය. විස්සයි 20 තරගයක දී ඇය වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය එය වූ අතර ඇයගේ ඉනිමට හතරේ පහරවල් 05ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත් විය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ප්‍රමිතියෙන් යුතු සුරැකුම් නිවාසයක් හඳුනාගන්නේ කෙසේ ද?
කිසියම් පවුලක සාමාජිකයෙකු වැඩිහිටි නිවාසයකට භාර දීමට පෙර එම පුද්ගලයාගේ භාරකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම්ගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, යම් සුරැකුම් නිවාසයක් නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ ද? යන්න හඳුනාගැනීම සඳහා කරුණු කිහිපයක් පරීක්ෂා කළ යුතු බව ය.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ ද?
දැනට පවතින විශ්‍රාම වයස සංශෝධනය කර එලෙස විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කර තිබේ.
සුපිරි ඩීසල් ලීටරයකින් රු. 397ක අලාභයක්: ඉන්ධන මිලට රජය දෙන සහනය අවසන් වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද?
අප්‍රේල් මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 34.59ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 22.46ක්, ලංකා ඔටෝ ඩීසල් සඳහා රුපියල් 367.70ක්, ලංකා සුපිරි ඩිසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 397.07ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 325.53ක පාඩුවක් දැරීමට රජයට සිදුව ඇත.
පැසිෆික් සාගරයේ සිට මහද්වීප පසු කර පැමිණෙන සුපිරි එල් නිනෝව ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම කුමක් ද?
පසුගිය වසර අවසානයේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසුව තවමත් එයින් යථා තත්ත්වය පැමිණීමට උත්සාහ කරන අපට පැසිෆික් සාගරයේ සිදුවන කාලගුණ වෙනස්වීම් බලපාන්නේ කෙසේ ද? එය අපගේ කාලගුණයට සහ විශේෂයෙන් ම ආහාර සැපයුමට බලපෑමක් ඇති කරනවා ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.
Exclusive: ප්‍රමාදයට හේතු සොයා සාගරිකා දුම්රියෙන් බෙලිඅත්තේ සිට කොළඹ කොටුවට බීබීසීය ගිය ගමන
ප්‍රමාදයන් ගැන නිතර අසන්නට ලැබෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදය නිසා මගීන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා ගැන සොයා බැලීම සඳහා මැයි (25 වැනි සඳුදා) බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රියෙන් අපි කොළඹ කොටුව දක්වා පැමිණියෙමු.